සුරක්ෂා – අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හරහා සියලු පාසල් දරු දැරියන්ට නොමිලේ පිදෙන සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණය

 

සුරක්ෂා නම් වන මෙම සුවිශේෂී රක්ෂණාවරණය අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි මැතිතුමාගේ සංකල්පයක් වන අතර සියලුම ශ්‍රී ලාංකික පාසල් සිසුන්ට නොමිලේ හඳුන්වා දෙන සෞඛ්‍ය හා හදිසි අනතුරු රක්ෂණාවරණයකි. දේශයේ ශක්තිමත්ම හා විශාලම රක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හරහා මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන අතර දිවයින පුරා පිහිටි 150කට වැඩි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා ජාලය හරහා මෙම සේවය සපයනු ඇත. මිලියන 4.5 කට ආසන්න රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල දරු දැරියන් මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේරවරුන්ටද මෙම රක්ෂණාවරණය සැකසී ඇත.
සෑම සිසුවෙකුටම රුපියල් 400,000කට ආසන්න රක්ෂණාවරණයක් රුපියල් 200,000ක රෝහල්ගතවීම් ආවරණයක් ඇතුලුව සුරක්ෂා යටතේ හිමිවනු ඇත. අනිකුත් ප්‍රතිලාභ අතරට වසරක් තුල බාහිර ප්‍රතිකාර සඳහා රු. 10,000ක්ද, ශිෂ්‍යයා හදිසියේ මිය ගියහොත් රු. 100,000ක ආවරණයක්ද, ශිෂ්‍යයාගේ දෙමාපියෙකු හදිසියේ මිය ගියහොත් රු. 75,000ක ආවරණයක්ද, ශිෂ්‍යයාගේ පූර්ණ හෝ අර්ධ අකර්මණ්‍යතාවයකදී පිලිවෙලින්රු.100,000ක හා රු.50,000ක ආවරණයක්ද වෙි.
එලෙසම රෝහල් නේවාසික ගාස්තුවලින් හා විශේෂඥ වෛද්‍යවරුන සඳහා ගාස්තුවලින් 20% වට්ටමක්ද සිසුන්ට හිමිවනු ඇත.
පිලිකා, ආඝාතය, කිරීටක ධමනි ශල්‍යකර්ම, වකුගඩු අක්‍රියවීම්, ප්‍රධාන ඉන්ද්‍රිය බද්ධ කිරීම්, අන්ධභාවය, අධික රුධිර පීඩනය හා හෟද රෝග වැනි අවස්ථා රැසක් මෙී යටතේ ආවරණයවෙි.

ක්‍රීඩා, කලා හෝ අධ්‍යාපන කටයුතු වෙිවා, ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ සුභ සිද්ධිය තකා කටයුතු කිරීමෙිදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සෑමවිටම ඉදිරියෙන් සිටින බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති හේමක අමරසූරිය මහතා කීවෙිය. සාමාන්‍ය රක්ෂණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනූජා හිගුලගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම රක්ෂණ ක්‍රමය ක්‍රීයාත්මක වනු ඇතැයිද ඔහු කීවේය.
’සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව තුල ක්‍රියාත්මක වන මෙම සෞඛ්‍යරක්ෂණාවරණය හරහා ශ්‍රී ලාංකික දරුවන්ගේ ශාරීරික සහ මානසික සුවතාවය ස්ථිරකිරීමට විශාල සහයක් දීමට හැකිවනු ඇත. පාසල තුලදී හා ඉන් පිටතදී සිසුන් මුහුණ දෙන ලෙඩ රෝග, අනතුරු හා ආබාධ සඳහා ආරක‍ෂාව තහවුරු කිරීමෙන් තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සහයක් වනු ඇත.

 

රක්ෂණ ක්‍රමය හඳුන්වාදෙන අවශ්ථාවේ අප පාසලේ දී පැවැත්වූ උත්සව අවස්ථාවේ සුවිශේෂ අවස්ථා.ප්‍රධාන අමුත්තන් වූයේ දකුණුපළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමා,අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.පී චන්ද්‍රාවතී මහත්මිය ඇතුලු නිළධාරීන් රැසක් සහභාගී වූහ.

පින්තූර නැරඹීම සඳහා